ටොක් ටොක් ටොක් හඬ නඟන්නෙ
කේන්තියෙන් විත් බලන්නෙ
“සමාවෙන්ඩ මට වැරදිල
හතරෙ ගෙයයි මං හොයන්නෙ”
ටොක් ටොක් ටොක් හඬ නඟන්නෙ
හැරිලාවත් නෑ බලන්නෙ
කවුද දොරට පහර දෙන්නෙ?
“කවුද යකෝ දොර කඩන්නෙ?”
“මොකද යකෝ ඇහෙන් නැද්ද?
මහත්තයා ගෙදර ඇවිත්
දෑත පුරා බඩු ඇරගෙන
දෙනව පයින් දොර කැඩෙන්ඩ!”
“උදේ ඉඳං බුදි උනා ද?
මං හිතුව මැරිල කියල
තක් බීරිව බලන්නැතුව
ගන්නව මේ බඩු පොදි ටික!
උස්සන් ඉන්නේ කොහොමද?
අරන් තියෙනව පැත්තක!”
සයිමන් නවගත්තේගම දේශ ද්‍රෝහියා වෙත,
දේශ ප්‍රේමි ජනතා ව්‍යාපාරයේ අවසාන නිවේදනය.
ඉතිහාසයේදී සමාජවාදී කලාකරුවෙකුලෙස වෙස් මවා ජනතා ගෞරවය දිනාගනිමින්, ජන කලා ක්ෂේත්‍රයේ ඉහලටම ගොස්, පසුව එම ජන ගෞරවය නිසාම, දේශද්‍රෝහී ධනපති පාලකයන්ගේ අවධානය දිනාගනිමින්, තමන්ගේ සියළුම ප්‍රතිපත්ති පාවා දෙමින්, දේශද්‍රෝහී ධනපති පාලකයන්ගේ අත කොළුවක්, හොරනෑවක් වූ දේශද්‍රෝහී නරුමය,
මා මහනුවර ගිය පළමුවන වාරය එය නොවූ නමුත් ඊට පෙර ගිය හැම වතාවකදීම දවසකට දෙකකට වඩා මම එහි නොනැවතුණෙමි. එහෙත් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා එහි ගිය මම දින පහළොවක්ම මෙවර ගත කෙළෙමි. මා ගොස් සිටියේ මගේ අනාගතය කෙරෙහි මහත් සේ බලපෑ හැකි විභාගයක් ගැනීම සඳහායි. එහෙත් නුවර ගත කළ කාලය තුළ විභාගය ගැන පමණක් නොව මා ඇසූ දුටු දේ පිළිබඳව ද මා දැඩි සැලකිල්ලක් දැක්වූයේ පිළිම ගෙයකට ඇතුලූ වූ කුඩා දුරුවෙකු මෙනි.
මා ඉගෙනීම සඳහා නැවති සිටි අනුරාධපුර පළාතේ අවුරුද්ද මුළුල්ලේම දැඩි නියඟයකි. උදේ සිට රෑ වනතුරු වැහි වළායෙන් තොර අහසෙහි සැරිසරන සූය්‍ය තාපයෙන් පීඩා විඳන්නේ වාතය පමණක් නොවේ. ගස් කොළන්, මහපොළොව පමණක් නොවේ. තිසා වැවේ ජලය බිංදුව දක්වා සින්දවන ඒ හිරු රැසින් අපේ ඉන්ද්‍රියෝ ද මැළවී හැකිළෙති. එහෙත් සිසිල් දේශගුණයක් සහිත අමුතු පරිසරයකදී මැළවුණ ඉන්ද්‍රියෝ නැවත පණ ලබති. නුවරදී මා ඇසූ දුටු ලොකු කුඩා සැම දෙයක් කෙරෙහිම මගේ සිත වහා දිව ගියේ මගේ ඉන්ද්‍රියන් එහිදී ලැබූ ප්‍රාණය නිසා වන්නට ඇත.
මගේ ඇඟින් නඟිනා උණුහුම
උරා ගන්නා අඳුරු පොරෝනය
දවටාගෙන මා වැතිරී ඉන්නේ
කුකුළන් පිබිදී අඬන ජාමයේ
එකට පියවුනු දොර පියන් පත්
තදට අගුලුලා වැහුනු ගුහාවේ
ටක්, ටක් හඬින් දෝරට ගසා
“ඇතුළට ගන්නැ”යි
හිරු ආලෝකය කොඳුරා කියනු
අඩ-සිහින ලෝකයෙහි මං මුලා වූ
මට දැනෙයි.
……………..බැහැ!
……………..මම තොප වැද්ද නොගනිමි
……………..වෙනතක පළා යව!
සුදුම සුදු කඩදාසියකි!
බලාසිටියෙමි බොහෝ වේලාවක්
කලුම කලු තීන්ත ධාරාවක් සේ
ගලා එන්නේ ය කවියක්!
අඩුවක් ඇත
නැත කලු පෑණක්!
කවිය ලියවෙයි – නිතැතින් -
කිසිඳු පෑණක් නොමැතිව!
සුදුම සුදු කඩදාසියකි!
- සයිමන් නවගත්තේගම (පැරීසියේ සිට)
02-07-96
“අනේ!…..අහෝ!….අහෝ!…..
ඔබ…මගෙන්…..වෙන් උනේ……
ඔබව….සදා…………….”
එම්බා! හුලං බිංදු වැනි හිස් වචන ගොඩ!
මම තොප හඳුනමි.
තොප, ම හදෙහි කිසි ශෝකී හැඟුමක් ඇති නො කරයි.
මා වෙනුවෙන් හැඬවුන ද,
ආත්මාර්ථකාමය ආත්මය කොට ගත් තොප,
මගේ කන පිළිකුලින් පුරවයි!
තවත් වරෙක,
කොක්සනින් මා සිනා ගන්වයි.
හොඃ ! හොඃ ! හිඃ ! හිඃ ! හඃ ! හඃ ! හා!!!
(18-01-1963)
ප්‍රකාශයට පත් නොකළ කවි
හන්තානා කඳු මිටියාවතේ, සරසවි උයනේ, රෝසියා මල් පාවරයක් මත මුනින් තලාව, අතපය දිගහැර, උදාසීනව මම වැතිර සිටිමි. එය එක්දහස් නවසීය හැටේ අවුරුද්දයි. වසරේ පළමු වන නිවාඩු කාලයයි. අලුත් අවුරුද්දට ගෙවල් වලට යන්නට ආසාවක් නොමැති අපි කීප දෙනෙක් පමණක් විශේෂ අවසරයක් ලබා සරසවි නේවාසිකාගාරවල නැවතී සිටියෙමු. කී දෙනෙකුන් රැඳී සිටියද තට්ටු හත අටක් පුරා පුස්තකාලයේ පූරවා ඇති සෑම පොතකම පැහැදිලි හා බොඳ වූ අකුරු අප කීප දෙනාගේ අවධානය සඳහා සූදානම්ව ලකලැහැස්ති වී බලා සිටී. සති දෙකක් පුරා රෑ දාවල් පොත් කියවා වෙහෙස වී සිටි මම, මෙදින සුදානම්ව සිටියේ, කිසිම සූදානමක් නොමැති දින චර්යාවක් සඳහා කාලය නිකරුණේ ගත කිරිමටය.
පළමුකොට ම මම මගේ කාමරයේ ඇඳමත ඔහේ වැතිර ගෙන නිඳන්නට තැත් කෙළෙමි. එය “මාර්ස්” ශාලාවයි. දෙතුන් සීයක් නිරෝගී ශිෂ්‍යයින්ගේ කායික මානසික ඝෝෂාවෙන් සිස් මෙම ශාලාව එදින හොල්මන් අවතාරවලින් ගහණ වූ සොහොන් පොළක් බඳු විය. ටැංකි වලට නිමක් නොමැතිව වතුර වැටෙමින් දඟලයි. ඒවා පරිහරණය කරන්නට කවුරුවත් නොමැත. දිය වැගිර දඟලන ශබ්දය නැවත නැවත මගේ දෙසවන්හි නිශ්ශබ්දතාවය දැවැන්තව බිඳ හෙළයි. මම “මාර්ස්” ශාලාවෙන් එළියට බසිමි. පඩි පේළිය බැස යමි. වෙනදා සමහර දාට මා හැන්දෑව ගත කරන රෝසියා ගස් හෙවන වෙත යමි. මට අවට පරිසරය දෙස බැලිය නොහැක. මගේ හිසේ මීදුම් සිහින දුමාරය එතරම් ම බලවත්ය. Read the rest of this entry »
ස්ථානය : ගං වතුරෙන් යටවූ කුඩා ගොඩැල්ලක් වගෙයි.
කාලය : මද්දහනක් වගෙයි.
පේනතෙක් මානයේ අන් කිසිවක් නොපෙනේ, මහා වතුරක් මැද, ඉතාම පටු ගොඩැල්ලක් පෙනෙයි. ගොඩැල්ල අයිනේ ගසක් තිබේ. කොළ දෙකක් පමණක් ඇති අමුතු වර්ගයක ගසකි. එහි එකම අත්තේ අමුතුම විදියක විශාල ගෙඩියකි. ගස් දෙබලේ හිඳිනා සර්පයෙක්, නිශ්චලව හිඳී.
මිනිසෙක් වෙහෙසින් හා සා ගින්නෙන් ගොඩැල්ල මත වැතිරී සිටිනු පෙනේ. වෙලාවකට පසුව, කාලාන්තයකින් මිදෙන්නාක් මෙන්, ඔහු නැගී සිටින්න තැත් කරයි. හිඳ ගනි. ඉතා අමාරුවෙන් සිටගනී. ඈත බලමින් තොල් මතුරයි. අන්තිමේ දී ශබ්ද නගා හිතන්නාක් මෙන් තනියම කථා කරයි.
මිනිසා: ඉවසන්න බැරි බඩගින්නක්, කී දවසක් රෑ වුනාද එලි වුනාද එකයි…. දෙකයි… තුනයි… ගනන් කරලා ඇති පලේ මොකක්ද ? දැන් දවස් කීයක්ද ? කී දවසක් රෑ වුනාද එලි උනාද? ඉවසන්න බැරි බඩගින්නක් – මට හරි තෙහෙට්ටුයි – ආණ්ඩුවේ මහත්තුරු ඔරුවකින් එනන් කාලෙ – පේනතෙක් මානයක නෑ ඔරුවේ හෝඩුවාවක් – අර ගෙඩිය එහෙමම තියෙනවා – ගහට නැග ගත්තොත් – කොහොමද බහින්නද ? මං කවදාවත් ගහකට බඩගාලා නෑ -
follow: